Wednesday, January 9, 2013

අපේ වාරිපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ... ...

වාරිපොළ ශ්රී සුමංගල හාමුදුරුවෝ ශ්රී ලංකාවේ පහළ වූ ශ්රේෂ්ඨතම සංඝ පීතෘවරයන් වහන්සේලාගෙන් අග්රගණ් හිමිනමකි.උන්වහන්සේගේ උපත සිදුවූයේ කුරුණෑගල දිස්ත්රික්කයේ, සේවමැදි හත්පත්තුවේදේවමැද්දේ කෝරළේ (කුරුණෑගල අනුරාධපුර පාරේ) වාරියපොළදීය.අදපවා උන්වහන්සේගේ ගිහි පැවදි ඤාතීහු වාරිපොළ සිටිති.පියා හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ නමින් ඇඳින්වින. මේ වීරෝධාර සංඝ පීතෘවරයන් වහන්සේ උපන් වර්ෂය වත් මාසය වත් සොයාගැනීම දුෂ්කරය. උන්වහන්සේට පුංචප්පුහාමි කෝරාළ හා පිංහාමි විදානේ නමින් සොහොයුරෝ දෙදෙනෙක් වූහ. උන්වහන්සේ ගේ ගිහිනම කිරිහාමිය. අස්ගිරි පාර්ශවයේ මහනායක පදවිය හෙබැවූ ඉඳුවලූගොඩ ධම්මපාල මහ නාහිමියන්ගේ දීප්තිමත් ශිෂ්යයකු වූ උන්වහන්සේ මහනුවර, සුදුහුම්පොළ රාජවිහාරයේ අධිපති ධූරය දරමින් වැඩවිසූහ.

ඓතිහාසික තොරතුරුවලින් බිඳක්....
               උන් වහන්සේගේ ජීවන චරිතය ලියන්නට පළමු ලංකාවේ ඓතිහාසික තොරතුරුවලින් බිඳක්ද අනාවරණය කිරීමෙහි ලා අවශ්යය.වාරියපොළ සුමංගල හිමියන් මෙලෝ එළිය දුටුවේ අපරට ඉංග්රීසීන්ට යටත්ව පැවතුනු සමයකය. එකල උඩරට රාජධානිය පමණක් සිංහල නමකින් පෙනී සිටි වඩුග රජකුගේ පාලනය යටතේ පැවතිණ. එම වඩුග රජුගෙන් සිංහල ජාතියට නිරතුරු අයුතු අසාධාරණකම් සිදුවූ අතර පෘතුගීසි, ලන්දේසි හා ඉංග්රීසි යන විදේශිකයන් ගෙන්ද සිංහල ජාතියට පහර පිට පහර වැදිනි.
කන්ද උඩරට රාජ්ය කල දෙවන රාජසිංහ රජතුමා වසර 151ක් (ක්රි.ව.1515 - 1656) මෙරට රාජ් කල පෘතුගීසීන් මෙරටින් පළවා හරින්නට ලක්දේසීන්ගේ සහය ලබාගත්තේය. මෙරටට පැමැණි ලන්දේසීහු පෘතුගීසීන්ට අත්වූ ඉරනමට තමන්ටත් මුහුණපාන්නට සිදුවේයයි සිතා හැවිටම උත්සාහ ගත්තේ තම බලය හැකි පමණ තහවුරු කරගැනීමටය. ඔවුහු වසර 140ක් (ක්රි.ව.1656-1796) මෙරට මුහුදුබඩ ප්රදේශය රාජ් කලහ. ඉන් පසු ඉන්දියාවේ බලය පතුරවමින් සිටි ඉංග්රීසීන්ට අප රට ආක්රමණය කරන්නට උවමනා විය. ඔවුහු 1795 අගෝස්තු 26 වන දින තිරිකුණාමල වරාය බලහත්කාරයෙන් අල්ලා ගනිද්දී කන්ද උඩරට රාජ් කලෝ නායක්කර් වංශික වඩුග රජවරුය. වඩුග පරපුර අපරටේ අතිවූයේ නරේන්ද්රසිංහ රජතුමාගේ කාලයේය.නරේන්ද්රසිංහ රජතුමා මදුරාපුරයෙන් කැන්දා ගෙනා කුමරියක හා සරණගොස් සිටි නමුත් දරුවන් සිටියේ නැත. එහෙයින් එම බිසවගේ බාල සොහොයුරකුට "විජය ශ්රී රාජසිංහ" යන නම දී ඔහුට රජකම පවරා දිනි. විජය ශ්රී රාජසිංහ රජතුමා උපතින්ම වඩුග ජාතිකයෙකි. බුද්ධ ශාසනයට එතුමාගෙන් විශාල මෙහෙයක් සිදුවිය. නරේන්ද්රසිංහ රජතුමාට මෙන්ම ඔහුටද දරුවන් සිටියේ නැත. එමනිසා ඔහුට සිදුවූයේ තම මසිස්නාගේ අඩිපාරේ යමින් තම බිසවගේ සොහොයුරකු මදුරා පුරයෙන් කැඳවා ඔහුට රජකම පවරා දෙන්නටය. ඔහු "කීර්ති ශ්රී රාජසිංහ"ය. බුද්ධාගමටත් සිංහලයන්ටත් අයුක්තියක් අසාධාරණයක් නොසිදුවන නිසා එකල සිටි සිංහල අදිකාරම්වරු වත් මුහන්දිරම් වරුවත් කීර්ති ශ්රී රාජසිංහයන්ට විරුද්ධවාදී කමක් නොකලහ යි සිතිය හැක.කීර්ති ශ්රී රාජසිංහයන්ගේ මරණින් පසු කන්ද උඩරට රාජ් භාරවූයේ රාජාධි රාජසිංහ නම් වඩුග රජකුටය. එතුමා කුඩාකල සිට සිංහලයන් සමග හැදුණු වැඩුණු කෙනෙක් හෙයින් සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන් පවා ඉතා හොඳින් දැන සිටියේය. මහනුවර මාලිගය ඉදිරිපස තිඛෙන මහ වැව (බෝගම්බර වැව නොවේ ) සෑදීම ආරම්භ වූයේ එතුමාගේ කාලයේය. එතුමා සිය මහඅදිකාරම් පදවියට පත්කරගත්තේ පිළිමතලව්වේ මහ අදිකාරම්තුමාය. පිළිමතලව්වේ මහ අදිකාරම්තුමාගේ හිතේ තිබුනු විශාලතම බලාපොරොත්තුව වූයේ අප රටින් වඩුග පරපුර පළවා හැර කන්ද උඩරට රාජනපාලනයට සිංහල බෞද්ධයෙකු පත්කර ගැවඩුග පරපුර මෙරටින් පලවා හැරීම සඳහා ඔහු උදව් පැතුවේ පෘතුගසීන්ගෙනි. 1799 ෆෙඩ්රික් නෝත් නැමති ඉංග්රීසි ජාතික ආණ්ඩුකාරයා ලංකාවට පැමිණියේය. (ඔහු පැමිණෙන තුරු අප රට පාලනය කරනු ලැබුයේ ඉන්දියාවේ සිටි ඉංග්රීසීන් විසිනි.) මේ අතර හදිසියේම රාජාධි රාජසිංහ රජතුමාගේ අවසන් මොහොත ලඟාවිය. මද්දුසාමි නැමති වඩුගයාට ඔටුනු පැළඳවීමට රාජාධි රාජසිංහයන් අදහස් කල නමුත් එය සපල කරගන්නට පෙර එක් බියකරු රාත්රී සමයක හේ අවසන් හුස්ම හෙලීය.පිළිමතලව්වේ මහඅධිකාරම්තුමා මේ පුවත ප්රසිද්ධ නොකොට අස්ගිරි මල්වතු දෙපාර්ශවයේ මහනායක ස්වාමීන්වහන්සේලාත් අනෙකුත් අදිකාරම්වරුන්ත් හමුවී රාජාධිරාජසිංහ රජතුමාගේ අවසන් මොහොත ලඟාවෙමින් පවතින හෙයින් සිංහලයෙකු රජකමට පත්කරගනිමුයයි යෝජනා කලේය. එසේ යොජනා කලද කන්ද උඩරට රජකමට යටිහිතින් ඇළුම්කරමින් සිටි හේ එම බලාපොරොත්තුව ඉටුකරගැනීමේ අධිෂ්ඨානයෙන් සූක්ෂම වැඩපිලිවෙලක්ද සකස්කරන්නට හිතිගත්තේය. එවකට සිටි කන්දසාමි නැමති වඩුගකුමරු හමුවීමට ගිය පිලිමතලවවේ මහඅදිකාරම්තුමා රාජසිංහ රජතුමා මලොත් රජකම භාරගන්නා ලෙස ආයාචනයකර සිටියේය.බලෙන් ඇගේගසන්නට යන රජකම බාරගන්නට කන්නසාමි කුමරු අකමැති විය. එහෙත් අදිකාරම්වරුන්ට කැමැත්තක් කරගන්නට මහජනතාවගෙන්ද බාධාවක් නොවූ හෙයින් නොයෙකුත් බලපෑම්කොට කන්නසාමි කුමරු පසුවදාම රජකමට පත්කරගනු ලැබිණි. "ශ්රී වික්රම රාජසිංහ" නමින් හැඳින්වුනේ හේය.
කන්නසාමි කුමරු ශ්රි වික්රම රාජසිංහ නමින් රජවනවිට වයස අවුරුදු 18 කි.යලිදු මහ අධිකාරම් ධූරයට පිළිමතලව්වේ මහ අදිකාරම්තුමා ඔහු විසින් පත්කරන ලද අතර දෙවන අදිකාරම් ධූරයට පත්කර ගැනුනේ මොල්ලිගෙඩ අදිකාරම්තුමාය. තමාගේම උත්සාහය යොදා ශ්රී වික්රම රාජසිංහයන් (කන්නසාමි කුමරු) රජකමට පත්කරගත් නමුත් පිළිමතලව්වේ දිවා රෑ කල්පනා කලේ ඔහු මරා රජකම ලබාගන්නටය. මේ බව දත් ශ්රී වික්රම රාජසිංහ රජුද පරිස්සමික් කටයුතු කරන්නට වගබලා ගත්තේය. ඇරැව්වාවල දෙවන අධිකාරම් සහ දඹගමුවේ දිසාව රාජසිංහ රජතුමාට ලැදි දෙදෙනෙකි. එහෙයින් පිළිමතලව්වේ මහඅධිකාරම්තුමා කුමන්ත්රණයක් කොට ඔවුන් දෙදෙනා මරා දමනලද හෙයින් ශ්රී වික්රම රාජසිංහ රජතුමා ඔහුසමග උදහස්වී සිටියේය. පිළිමතලව්වේ මහඅධිකාරම්තුමා කෙසේ හෝ ශ්රී වික්රම රාජසිංහයන් මරා දැමීමට සිතා ජා හමුදාවක් යොදවා උඩුනුවරදී හා යටිනුවරදී යුද්ධ කෝලාහල ඇතිකරවීය. එහෙත් තැතද ව්යර්ථ කරවීය. එනපොට හරිනැතිබව තේරුම්ගත් ශී5 වික්රම රාජසිංහ රජු පිළිමතලව්වේ මහඅධිකාරම්තුමා වහාම සිරභාරයට ගත්තේය. හිරභාරයේ සිටියදී පිළිමතලව්වේ මහ අදිකාරම්තුමා බලවත් සේ රෝගාතුර විය. තමාට රජකම ලබාදීමට පිළිමතලව්වේ මහ අදිකාරම්තුමා ගත් වෙහෙස ශ්රී වික්රම රාජසිංහයන්ට මෙහිදී සිහිවිය. තමාට බැරිය කියද්දිත් "කන්නසාමි කුමරුනි, රාජාධි රාජසිංහ රජතුමා මළහොත් ඔබ කෙසේ හෝ මේ රටේ රජවෙන්නම ඕනෑ"යි ඔහු තමාට කන්නලව් කළහැටි ශ්රී වික්රම රාජසිංහයන්ට සිහිවිය. රාජාධි රාජසිංහයන් මළ දා පසුදාම අනිකුත් අදිකාරම්වරුන්ද කැමතිකරවාගෙන තමා රජකමට පත්කරගත් හැටි ඔහුට සිහිවිය. ඔහුගේ දෙනෙතට කඳුළු ඉනුවේය. ඉතා දරුණුලෙස රෝගාතුරව සිරගෙයි සිටින මහඅදිකාරම්තුමා හමුවට ගිය ශ්රි විකම රාජසිංහ රජතුමා ඔහු ලඟින් වාඩිවී ඔහු බොන්නට ප්රතික්ෂේපකරමින් සිටි ඛෙහෙත් බඳුන ගෙන "මහ අදිකාරම්තුමනි, මගේ අතින් මෙය ගෙන බොන්නැ"යි ආයාචනය කර සිටියේය. "රජතුමනි, ඛෙහෙත්බීලා සනීපවෙනවාට වඩා මේ විදිහට මැරෙන එක හොඳයි" යනු ඔහුගේ පිළිතුර විය. ඊට දින කිහිපයකට පසු ඔහු මියගිය හෙයින් ඉන්පසු මහ අදිකාරම් තනතුරට පත්වූයේ ඇහැලේපොළ අදිකාරම්තුමාය. හේ පිළිමතලව්වේ අදිකාරම්තුමාගේ බෑනා කෙනෙකි.ඇහැලේපොළ කුමාරිහාමි කැප්පෙටිපොළ මහ අදිකාරම්තුමාගේ නැගණියයි.
ඇහැලේපොල මහ අදිකාරම්තුමාගේ කැමැත්ත වූයේ වඩුග පරම්මපරාව රටින් බැහැරවෙනවා දකින්නටය. ඒ බව සැනගත් ශ්රි වික්රම රාජසිංහ රජතුමා ඇහැලේපොල මහ අදිකාරම්තුමා එම තනතුරින් ඉවත්කොට සබරගමු දිසාපතිවශයෙන් පත්කර යැවීමය. ඇහැලේපොළ මහඅදිකාරම්තුමා සබරගමුවට ගොස් ශ්රී විකම රාජසිංහයන්ට විදැද්ධව කුමන්ත්රණයක් මෙහෙයවමින් සිටියේය. ඒ බවද දැනගත් ශ්රි වික්රම රාජසිංහ රජතුමා ඇහැලේපොළ මහ අදිකාරම්ට වහාම රජවාසලට පැමිණෙන ලෙස නියෝග කලේය. එහෙත් එතුමා රජු හමුවීමට පැමිණියේ නැත.ශ්රී වික්රම රාජසිංහ රජතුමා ඇහැලේපොළ මහ අදිකාරම්තුමා ගැන සැකකරන අතරම ඇතැම් නාහිමිවරුන් කෙරෙහිද සැක පහළකලේය. එහෙත් රජතුමා අප කථානායකයාණන් වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක වාරියපොළ ශ්රී සුමංගල හිමියන් කෙරෙහි සැක උපදවා ගත්තේ නැත.ශ්රී වික්රම රාජසිංහ රජතුමා ඇහැලේපොළ මහ අදිකාරම්තුමා ගැන සැකකරන අතරම ඇතැම් නාහිමිවරුන් කෙරෙහිද සැක පහළකලේය. එහෙත් රජතුමා අප කථානායකයාණන් වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක වාරියපොළ ශ්රී සුමංගල හිමියන් කෙරෙහි සැක උපදවා ගත්තේ නැත."වාරියපොළ හාමුදුරුවෝ මට එරෙහිවන්නේ නැහැ"යි හේ නිතර පැවසුවේය.මල්වතු පාර්ශවය කෙරෙහි තදින්ම වෛර බැඳගත් ශ්රී වික්රම රාජසිංහයන් දළදා මාල්ගාවේ තේවා කටයුතුද මල්වතු පාර්ශවයෙන් ඉවත්කර දැමීය. ඉන්පසු දළදා මාලිගයේ තේවාව බාරදුන්නේතමන්ට හිතෛෂියයි සිතූ වාරියපොළ ශ්රී සුමංගල හිමියන්ටය. උන්වහන්සේ කෙරෙහි ශ්රී වික්රමයන් කොතෙක් විශ්වාසය තැබුවත් උන්වහන්සේ වඩුගයකු වන තමාට කිසි කැමැත්තක් නොදක්වන බව හෙතෙම දැන නොසිටියේය.

දළදා හිමියන්ට දැක්වූ හරසර...
  වාරියපොළ ශ්රී සුමංගල හිමියන් දළදා වහන්සේට දැක්වූ ගෞරවය හා භක්තිය ඉමහත්ය. දළදා වහන්සේට මුළු කාලයම ගතකලහ. දළදා සමිඳුන් අභියසට වී උන්වහන්සේ සිංහල ජාතිය රැකදෙන්නැයි නිතරම ඉල්ලා සිටියහ. "අනේ, දළදා හාමුදුරුවනේ,මේ ශ්රී වික්රම රාජසිංහ නැමති වඩුගයාගෙන් අපේ රාජ් ගලවාගෙන සිංහලයෙකු අතට පත්කරන්න." යනු උන්වහන්සේ දළදා සමිඳුන් ඉදිරියේ උදේ සවස කල ඉල්ලීමය.වාරියපොළ ශ්රී සුමංගල හිමියන් මුළු දළදා මැඳුරේම බාරකාරත්වය දැරූ හෙයින් දළදා සමිඳුන් පිළිබඳ සියළු ආරක්ෂා සංවිධාන සැලසුවේ උන්වහන්සේය.
ශ්රී ලංකාව සියළු අපල උදධ්රවයන්ගෙන් බේරාගැනීමේ පුදුම බලවේගයක් දළදා සමිඳුනට ඇතිබව උන්වහන්සේ දැන සිටියහ. දළදා සමිඳු වැඩ නොසිටින්නට සිංහල ජනතාවත් ශ්රී ලංකාවත් විදේශීය ආක්රමණිකයන්ගෙන් වැනසීයන්නට ඉඩ තිබුණු බව උන්වහන්සේ දැනසිටියහ.

ඊලග කොටස බලන්න

No comments:

Post a Comment

Free HTML Blog 4u