Saturday, January 19, 2013

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ



"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"
අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය. අද දින ට (2012.07.19) උන්වහන්සේ ගේ එකසිය පහළොස්වන වන ජන්ම දිනය වෙනුවෙන් මේ ලිපිය සම්පාදනය කරන්න ට යෙදුනි.

දිගටම කියවන්න

අපේ වාරිපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ... . (තුන්වන කොටස)


මෙම උඩරට ගිවිසුමට ඇහැලේපොළ මහ අදිකාරම්තුමා ඇතුළු අදිකාරම්වර එකොළොස් දෙනෙක් අත්සන් තැබූහ. එංගලන්තයේ මහ රජතුමාගේ නියෝජිතයා වශයෙන් අත්සන් කරනලද්දේ සේනාධිපති රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාය. මෙම උඩරට ගිවිසුමේ පිටපත් තුනක් ඇතිබවට ප්‍රකටය. ඒවායින් එවකට සිටි අග්‍රාණ්ඩුකාර සේනාධිපති බ්‍රවුන්රිග්ට දුන් පිටපත අදත් ජාතික ලේඛනාගාර දෙපාර්තමේනතුවෙහි සුරැකිව තබා ඇත.උඩරට ගිවිසුම කියවා බැලු සේනාධිපති බ්‍රවුන්රිග් ට හැම සිංහලයෙකුම රැවටීම එතරම් ලෙහෙසිපහසු නොවන බව වැටහී ගියේය. එහෙයින් පෙනී යන්නේ උඩරට ගිවිසුම සකස්කිරීමේදී සිංහලයට ලැදියකු ඊට සම්බන්ධ වී අති බවකි. ඒ වාරියපොළ හිමියන්ම මිස අන් අයකු නොවිය හැකිය. හිරු නොබසින අධිරාජ්‍යයෙන් පැමිණි ක්‍රෑර පාලකයන් ශ්‍රී වික්‍රම රාජසිංහයන් පණවා තිබූ අමානුෂික වධ බන්ධන ඉවත් කරන්ටත් බෞද්ධයාට හා බෞද්ධ සිද්ධස්ථාන වලට ගරු කරන්නටත් නොකැමති වූහ. ඔවුන්ගේ හඩිදැඩි ක්‍රියාවලට තදින්ම එරෙහිව නැගී සිටි අස්ලිරි හා මල්වතු පාර්ශව හිමිවරුන් අතර වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක හිමියන්ට ලැඛෙන්නේ අද්විතීය තැනකි. උඩරට ගිවිසුමෙහි අඩංගු වගන්තිය ඇතුළු සියළුම වගන්ති ඉංග්‍රිසීන්ට පිළිගන්නට සිදුවූයේ උන්වහන්සේ ඔවුන්ට එරෙහිව ගෙනගිය සටනෙහි ප්‍රතිඵල වශයෙනි.
1815 මාර්තු 02
1815 මාර්තු 02 දින සෙංකඩගලපුර දළදා මැඳුර ඉදිරිපිට රැස්ව සිටි ප්‍රභූන් ඉදිරියේ ඉංග්‍රීසීන් හා සිංහලෙන් උඩරට ගිවිසුම කියවා ගිවිස්වා ගන්නා ලද නමුත් ඊට අත්සන් තබා ඇත්තේ 1815 මාර්තු 10 දාය. උඩරට ගිවිසුමේ යම් යම් කොන්දේසි පිලිබඳව ඇතැම් අය තුල පැන නැගී තිබුණු මතභේද නිරාකරණය කර ගැනීමට එම කාලය ඛෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඒ ගිවිසුමට අත්සන් තබා අවසන් වනතුරු ඉංග්‍රීසි කොඩිය එසවීම නීත්‍යානුකූල නොවන බව කාගේත් මතය විය. එහෙත් 1815 මාර්තු 02 වනදා උඩරට ගිවිසුම කියවන අවස්ථාවේදී ( ගිවිසුමට අත්සන් තබන්නට කලින්) ඉංග්‍රීසි ආධිපත්‍යට ලංකාව අත්කැර ගැනීමේ ඉමහත් ආශාවෙන මඬ්නා ලදුව උමතු වූවකු සේ ක්‍රියාකල එක් ඉංග්‍රීසි හේවායෙක් වහා පැන ඉංග්‍රීසි කොඩිය එසැවීය.සම්බුද්ධ ශාසනයටත් සිංහල රටටත් සිංහල ජාතියටත් එරෙහිව යමෙක් කටයුතු කරන්නේ නම් ඔහු කවරෙකු උවත් ඔහුට විරුද්ධව නොබා නොපැකිල පෙරට ගිය වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ නියම සිංහල ලේ මෙම දර්ශනය දැකීමෙන් කකියන්නට විය. සිය පාරිශුද්ධ චීවරය ටිකක් කැටිකරගත් උන්වහන්සේ වහා ඉදිරියට දිවැවිත් ඔසවා තිබු ඉංග්‍රීසි කෙඩිය බිම හෙලා සිංහල කොවිය ඔසවා "තවම ගිවිසුමට අත්සන් තබා නැහැ. ඊට අත්සන් තබන තුරු නුඔලාට මේ රටේ බලය අත්කරගන්නට ලැඛෙන්නේ නැහැ"යනුවෙන් සිංහ නාද කලහ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ බලපුළුවන් කාරකම් බලවත්ව තිබූ යුගයක මේ රටේ එවැනි ක්‍රියාවක් කරනු තබා එවැන්නක් ගැන සිතන්නටවත් ඉඩක් නොලැබිණි. යමෙක් එවැන්නක් සිතූ බවවත් ඉංග්‍රීසීන්ට වැටහී ගියේනම් ඔහුට තෑගි වශයෙන් ලැබුණේ වෙඩි උණ්ඩය ය. අප වීරයාණන් වහන්සේ, ඉංග්‍රීසි බලවතුන් ඉදිරියේ සෙබලකු විසින්ම ඔසවන ලද ඉංග්‍රීසි කොඩිය එසේ ගලවා බිම හෙලීමෙන් හා සිංහල කොඩිය එසවීමෙන් කල වීර ක්‍රියාව සිංහල ජනතාවගේ හදවත් තුල සදා නොමියෙන ලෙස සටහන්ව ඇත. 
වීර ක්‍රියා හෙලිදරව් නොකිරීම 
ඉංග්‍රීසීන්ගේ බලය වඩ වඩාත් තහවුරු වී තිබුණු එම යුගයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් වැනි සිංහල වීරවරයනගේ ජීවිතවල කැපී පෙනෙන බොහෝ තැන් (වීර ක්‍රීයා) ප්‍රසිද්ධියට පත් වීම වැලැක්වීම සඳහා ඔවුහු නානාවිධ උපක්‍රම යෙදූහ. ඉතිහාසගත ලේඛණවල පවා ඇතැම් සිද්ධි ඇතුලත් නොවන්නට ඇත්තේ එහෙයිනි.

දළදාහිමි සිංහල ජනතාව සතුකිරීමට ගත් වෑයම...
1814-15 කාලයේ කන්ද උඩරට පැවති කලබලකාරී තත්වය මත ශ්‍රී දළදාවහන්සේ මහනුවර තබාගැනීම අයෝග්‍ය බව වාරියපොළ හිමියන් නිතර පවසන්නට වූ හෙයින් අස්ගිරි මල්වතු මහ නාහිමිවරු දළදා වහන්සේ රහසේම පුමල්පිටිය විහාරයට ගෙනගොස් තැන්පත් කළ බව සඳහන් වේ.පසුව බඹරගලටද තලගුනේ විහාරයටද මැදිවක විහාරයටදගම්පහ සහ ගම් දෙක යන ස්ථානවලටද ගෙනගිය දළදා වහන්සේ ආරක්ෂාව සඳහා අවසානයේදී සඟවා තබන ලද්දේ බින්තැන්නේ මහ වනයේය. රටේ තත්වය සන්සුන් වීමෙන් පසු දළදා වහන්සේ කන්ද උඩරටට ආසන්න අටබාගේට වැඩම කරවන ලදි. 
ඩොයිලිගේ බලවත් පරිශ්‍රමය නිසා 1815 අප්‍රේල් 24 වනදා ශ්‍රී දළදාවහන්සේ නැවතත් කන්ද උඩරටට වැඩමකරවන ලද්දේ ඉමහත් ගරුසරු මැද්දේය. මෙම අවස්ථාවේදී රොබට් බ්‍රවුන්රිග් ත්‍යාගයක් වු සංගීතය විහිදෙන ඔරලෝසුවක්ද දළදා රදුරට පූජාකරනලද බව ඩොයිලිගේ දිනපොතේ සඳහන්වේ.රාජ්‍යයෙහි ආරක්ෂාව සඳහා දළදා වහන්සේගෙන් ලැඛෙන රැකවරණය ගැනද ඉංග්‍රීසීන් විශ්වාස කළ බව මෙයින් මනාව ඔප්පුවේ. 

එහෙත් ඉංග්‍රීසීන්ට දළදාවහන්සේ වැඩිකළක් රැැකගැනීමට නොහැකිවිය. 1818දී නැවතත් දළදා වහන්සේ සිංහලයන් විසින් රැගෙනයනු ලැබීය. මෙම රැගෙනයාම පිළිබඳව විවිධ කථා ප්‍රචලිතව ඇත.කෙසේවෙතත් එම අවස්ථාවේදී හ්‍රී දළදා වහන්සේ රැලෙන යන ලද්දේ, 1817-18 දී පැවති ඌවේ මහ කැරැල්ල සාර්ථක කරගැනීමට නම් ශ්‍රී දළදා වහන්සේ තමන් සතු තිබිය යුතුය යන මතය කැප්පෙටිපොළ අදිකාරම් තුමා ඇතුළුඑම කැරැල්ලේ නායකයන් විශ්වාස කළ නිසා එම පරමාර්ථය ඉටුකරගැනීම සඳහා බව පැහැදිලිය. කැප්පෙටිපෝල අදිකාරම්තුමා ඇතුළු පිරිස වාරියපොළ ශ්‍රි සුමංගල හිමියන් මාර්ගයෙන් ශ්‍රි දළදා වහන්සේ රැගෙන ගියහ. මෙය ශ්‍රී දළදාවහන්සේ විසින් සිංහල ජනතාව අතට පත්කිරීම සඳහා වාරියපොළ හිමියන් ගත් වෑයමක් ලෙස හැඳින්විය හැකිය.

මෙම රැගෙනයාම පිළිබඳව ප්‍රචලිතව ඇති විවිධ කථාවලින් එකක් පමණක් මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමු. ශ්‍රී දළදා වහන්සේට තේවාවතබන අවස්ථාවෙක මෙම ගෙන යාමට සම්බන්ධ කළුගමුවේ කාරිය කරවන රාළ ඇතුළු පිරිස දළදා මැඳුරට පැමිණියේ උභය විහාරවාසී මහනායක හිමිවරුන්ගේ සහ වාරියපොළ හිමියන්ගේ ද අනුදැනුම ඇතිවය. දළදා මැඳුරේ දොරගුළු ලන්නට ඔන්න මෙන්න කියා තිඛෙන අවස්ථාවේ ඔවුන් පැමිණි හෙයින් දළදා පුද පිණිස මල් ගෙන එන්නටය කියා තේවාකරු පිටත්කැර යවා ඔහු මල්ගෙන ආපසු එන්නට ප්‍රථම දළදා හිමි වැඩ සිටින කුටිය තුළ යටකී පිරිස රඳවා තබා වාරියපොළ හිමියෝ පිටත වැඩම කලහ.තේවාකරු මල් රැගෙන එනවිට එම කුටියෙහි දොරගුළු ලා තිබුනු නමුත් වේලාව ඉක්මගොස් ඇති හෙයින් ඔහුද ඒගැන සැක සිතුවේ නැත.පසුදා පහන් වනතුරු එම කුටිය තුල සිටි ඔවුහු තමන් පැමිණි කටයුත්ත රිසි පරිදි ඉටුකරගෙන පසු දා තේවාව පිණිස දොරගුළු විවර කරන මොහොතේ ශ්‍රී දළදා වහන්සේත් රැගෙන පළා ගියහ. මෙසේ රැගෙන යන අවස්ථාවේ ඇතිවෙන සැකයට තුඩුදෙන අමතර ශබ්ද වසන් කිරීම පිණිස දවුල් ආදිය වැඩි වේලාවක් වැඩි නාදයෙන් හැඩවූ බව සඳහන්ය.

වාරියපොළ හිමියන් ඇල්ලීමට නියෝග...
කෙසේ වෙතත් මෙම සිද්ධියට වාරියපොළ ශ්‍රි සුමංගල හිමියන්ද හවුල් බව දැනගත් ඉංග්‍රීසීහු උන්වහන්සේ සිරභාරයටගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවේ උන්වහන්සේ දඹුලූ වනය බලා පලා ගියහ. උන්වහන්සේ කැපපෙටිපොළ අදිකාරම්තුමා ඇතුළු ඌවේ මහ කැරැල්ලේ නායකයන්ගෙන් ශ්‍රී දළදා වහන්සේද ලබාගෙන දඹුලූ වනයට පලා යන්ට ඇතැයි සිතිය හැකිය.
උන්වහන්සේ සිය වම් උරහිස ස්පර්ශය වන සිරුරේ වාටිය තුල ශ්‍රී දළදා වහන්සේ සඟවාගෙන ඉතා ප්‍රවේශමෙන් දඹුළු වබයේ වැඩවිසූ බවත් එම කාලසීමාව තුල හැම විටම උන්වහන්සේ (දළදා හිමියන්ට ගෞරවය සඳහා )සිය වම් උරහිස දෙසට මුහුණ හරවීමෙන් වැලකී සිටි බවත් ඒ හේතුව නිසා උන්වහන්සේගේ ඛෙල්ලවම්පසට හරවන්නට කොහෙත්ම නුපුළුන් වූ බවත් සඳහන්ය. උන් වහන්සේ අපවත් වනවිට පවා ඛෙල්ලේ මෙම දෝෂය තිබුනුබව කියති.


Wednesday, January 9, 2013

අපේ වාරිපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ... . (දෙවන කොටස)



ඇහැලේපොළපවුලේ ඛේදවාචකය...
ඇහැලේපොළ මහ අදිකාරම්තුමා තුල ශ්රී වික්රම රාජසිංහ රජුගේ අකාරුණික ගතිගුණ කෙරෙහි කිසිදු පැහැදීමක් තිබුනේ නැත. එකල උසස් තනතුරු හා තාන්නමාන්න ලබාගැනීමේ චේතනාවෙන් එතුමා සමග සිටි ඇතැම් උදවිය එතුමාට එරෙහිව ශ්රී වික්රම රාජසිංහරජතුමාට කේලාම් පවා කීහ. රජතුමාද ඒවා අසා ඇහැලේපොළ මහ අදිකාරම් තුමා සමග උරණ විය. එහෙයින් සිය කුමාරිහාමිත් වීර මද්දුමබණ්ඩාර කුමරා ඇතුළුකුඩා දරුවනුත් සමග එතුමා නිතර කල්ගතකෙලේ සැකමුසු ස්වභාවයෙනි. ඇහැලේපොළ මහ අදිකාරම්තුමා සමග ඉතා ලඟින් ඇසුරුකල කෙනෙකි, වාරියපොළ ශ්රී සුමංගල හිමිපාණෝ. උන්වහන්සේ නිතර නිතර එතුමාගේ මාලිගයට වැඩමකොට දරුවනට සාරධර්ම කියාදුන්හ. බණ දහම වටහා දුන්හ. ඇහැලේපොළ මහ අදිකාරම් තුමා කන්ද උඩරට රජවනු දක්නට උන්වහන්සේ බලවත් ආශාවකින් සිටියහ.

ඇහැලේපොළ අදිකාරම් පලායයි...
තත්වය මෙසේ පවතිද්දී ශ්රී වික්රම රාජසිංහ රජතුමා ඇහැලේපොළ මහ අදිකාරම්තුමා අල්ලා සිර කරන්නට නියෝග කලේය. එහෙත් එතුමා හොර රහසේම සැඟවී කොළඹට පළාගොස් ඉංග්රීසීන්ට එක්වී ශ්රී වික්රම රාජසිංහයන්ගේ රාජ් පෙරලන්නට කටයුතු සම්පාදනය කලේය. ඉන් කෝපයට පත් රජ ඇහැලේපොළ මහ අදිකාරම් තුමාගෙන් ගන්නට බැරි පලිය එතුමාගේ දරුමල්ලන්ගෙන් ගන්නට සිතා ඇහැලේපොළ කුමාරිහාමිත් දියණියනුත් පුතුන් තිදෙනාත් පුස්සැල්ලාව නැමති එතුමාගේ නැඟනියනුත් සිරබාරයට ගෙන ඔවුනතුරින් පිරිමි දරුයවන්ගේ හිස් ගසා දමා ජිවිතක්ෂයට පත්කල අතර කාන්තාවන් දියේ ගිල්වා ජීවිතක්ෂයට පත් කලේය.
ඉන් කලකට පසු එනම් 1815 පෙබරවාරි 14 වනදා ඉංග්රීසීන් විසින් කන්ද උඩරට අල්ලා ගන්නා ලදි. ඊට දින හතරකට පසු ඉංග්රීසීන්ගේ සහයද ඇතිව ඇහැලේපොළ මහ අදිකාරම් තුමා විසින් මෙහෙයවන ලද යුධ හමුදාවක් උඩරටට පැමිණ ශ්රී වික්රම රාජසිංහයන් අත්අඩංගුවට ගත්හ.

වාරියපොළ හිමියෝ උරණ වෙති...
මෙම සිද්ධියෙන් පසු ඇහැලේපොළ මහ අධිකාරම්තුමා බලාපොරොත්තුවූයේ කන්ද උඩරට රාජ් ඉංග්රීසීන්ට භාරදී වසර කිහිපයකට පසු ඉංග්රීසීන්ගෙන් රට නිදහස් කරගැනීමටය. ඇහැලේපොළ මහ අදිකාරම්තුමා ඉංග්රීසීන්ට රාජ් පවරා දෙන්නට යනබව ඇසූ දෑහිතකාමීගිහි පැවදි ප්රභූවරු රාශියක් ඊට විරුද්ධ වූහ. වාරියපොළ ශ්රී සුමංගල හිමියෝ විරුද්ධ වූවන් අතර මුලින්ම සිටියහ. කැප්පෙටිපාළ හා මඩුගල්ල වැනි අදිකාරම්වරු උන්වහන්සේගේ පිටුපසින් සිටියහ.
වනවිට ඉංග්රීසීන්ට උඩරට රාජධානිය බාර දෙන්නට ඇහැපේපොළ මහ අදිකාරම්තුමා ප්රමුඛ උඩරට රදලවරු පොරොන්දු වී තිබුණු හෙයින් එය වෙනස් කරන්නට වාරියපොළ හිමියන්ට එතරම් පහසු නොවීය.
1815 දී පෙබරවාරි 24 වනදා වාරියපොළ ශ්රී සුමංගල හිමියන් දැඩිසේ කනස්සල්ලට පත්ව සිටි දිනයකි. එදින උන්වහන්සේ අදිකාරම්වරු සියළු දෙනාම දළදා මාලිගාවට රැස්කරවා එම පිරිස ඉදිරියේ දැඩි ස්වරයෙන් මෙසේ ප්රකාශකලහ. "අදිකාරම්වරුනි, අපේ රට නිකම්ම කට වචනයෙන් ඉංග්රීසීන්ට භාර දෙන්න බැහැ. ඔතකොට උන්ට ඕනැ ඕනෑ හැටියට නෙයියාඩම් නටන්න පුළුවනි. අපි අපේ සිරිත් විරිත් සහ ආගම ආරක්ෂාවන පරිදි මේ රට ගිවිසුමකින් බාරදෙන්න ඕනෑ. " උන් වහන්සේ අභීත ස්වරයෙන් පැවසූ වදන් රැස්වසිටි සියල්ලන්ගේ අවධානයට යොමුවිය.
උඩරට ගිවිසුම සැකැසෙන්නට මුල් වූයේ එමසිද්ධියයි.

උඩරට ගිවිසුම...
ද්රවිඩ වූද නායක්කර් වංශික වූද ශිව භක්තික වූද ශ්රී වික්රම රාජසිංහයන් කන්ද උඩරට රාජ්යයෙන් පහකොට හිරු නොබසින අධිරාජ්යයේ තුන්වන ජෝර්ජ් රජුට නොන්දේසි සහිකතව ශ්රී ලංකාව පවරා දීම දඳහා සකස්කල ගිවිසුමට 1815 ගිවිසුම යයි කියනු ලැබේ. මෙම ගිවිසුම ඉංග්රීසි ජාතික ජෝන් ඩොයිලි විසින් සකස්කරන ලදැයි පැරණි ලිකියවිලි වල සඳහන්ව ඇත.ජොන් ඩොයිලි සංහල භාෂාව හොඳින් දැන සිටියේය. බෞද්ධාගම ගැන ඔහුට හොඳ දැනුමක් තිබිණි. උඩරට පරිපාලන කටයුතුවල ප්රධානියා වශයෙන් කටයුතු කල රෙසිදන්ත වරයා වූයේද ඔහුය. උඩරට ගිවිසුමේ ඇතැම් වගන්ති සකස්කරන ලද්සේ වාරියපොළ සුමංගල හිමියන් විසිනැයි මතයක්ද පවතී.
පාඨකයන්ගේ දැනගැනීම උදෙසා උඩරට ගිවිසුම (සිංහල පරිවර්තනය) මෙහිලා පළකරමු. එකල පැවති භාෂා සම්ප්රදායද මෙම ලියැවිල්ල කියවීමෙන් අවබෝධ වේ.

දැන්වීම් පත්රය

ක්රිස්තු වර්ෂයෙන් වර්ෂ එක්වාදහස් අටසිය පහලොවක් වූ මාර්තු මස දෙවැන් දින නොහොත් සිංහල වර්ෂ ප්රමාණයෙන් ශක වර්ෂ එක්වාදහස් සත්සිය තිස් හයට පැමිණි අවුරුද්දේ නවම් මස අවසතවත් නම් තිථීයලත් ගුරුදින සෙංඛඩ ශෛලාභිදාන පුරවරයෙහි මාලිගා අභ්යන්තරයට එක්වූ සම්මුතියේදී මහත් බ්රිතාන් අයර්ලන්ත යන එකඟ වූ රාජ්යයෙහි රාජශ්රීයට පැමිණි තුන්වෙනි ජෝර්ජ් මහරාජෝත්තමයානන් වහන්සේගේද රාජ් කරන්නා(වූ) ජෝර්ජිවෙල්ලස්සේ කුමාරයින්ගේද වෙනුවෙන් ඉංග්රීසි ස්ථානවල පළමුවැනි ආණ්ඩුකාර තානාන්තයට පත්වූ ලොයිතන්ග් ජනරාල රොබර්ට් බ්රවුන්රිග් ගරුතර ගොවැනදොරු උතුමානන් වහන්සේ එක පක්ෂයකටද සිංහලෙ වැසියන් වෙනුවට අදිකාරන්වරු සහ සිංහලේ රටවල් වලද දිසාපතිවරු ඇතුළුව වෙනත් ප්රධාන රදලවරු මෙහි එක්වූ මොහොට්ටාලලා, කෝරාළලා, සහ අනිකුත් සුළු පුලාදෑනි ඇතුළු සේනාවද අභිමුඛයේදී එක පක්ෂයකට වී ගිවිස්වා නියෝග කරන්නට යෙදුනාය
කෙසේද යත්:-

විභාගයක් නොකර සමහර සන්ධිවලදී පැමිණිල්ලක්වත් නැතිව නොහොත් වැරැද්දක්වත් කෙරීමට ඉඩ ප්රස්ථාවක් පමනවත් නොලැබුණු කාරනාවලදී පවා නියමයක් නැතිව හිතුවක්කාර වශයෙන්ද අනදරයෙන්ද ශරීරවද සහ මරණ වේදනාවද පමුණු විමෙන් නඩුවට මහත් ලෙසින් නින්දිත කොට කඩ කරන්නට යෙදීමෙන් දෙමළ රජ්ජුරුවන්ගේ ක්රෑරකම් හා බලහත්කාරකම්දඉවසාගත නොහරකි තරම් ඉතාමත් විශාලවෙන්ඩ යෙදුනා සහ මෙම රජ්ජුරුවන්ගේ රටවාසීන්ගේ ගැලවිල්ලට කාරනා වු යුතුකම්ද ස්වමීප රටවල්වලින් ගන්ඩ පුළුවන්ව තිබුනු ප්රයෝජනවත් වූ ගණුදෙනු කිරීමද ලබාගන්ඩ පුළුවන් වීමට කාරනා වූ වශ්වාසයද මෙම රජ්ජුරුවන්ගේ ආඥාවේ ක්රියාවල සහ ගුණයෙහිද මුළුමනමේම තිබුනේ නැත:-

ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවෝ රජදරුවන්ගේ ප්රධාන තවද මහත් සීලාචාර වූ යුතුකම් කඩකරන ස්වභාවකින රාජඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලය නැති කර රාජඟයෙන් පැවත එන නොහොත් ආවාහ විවාහයෙන් පැවත එන අනෙක ප්රකාර වූ නෑදෑයන්ද හැම කල්හිම සංහාසනයෙන් දුරු කරන්ඩ යෙදුනා සහ සිංහලේ ආණ්ඩු කිරීමට දෙමළ ව්රගයට ඇත්තා වූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාශ කරන්ඩද යෙදුනු වග මෙයින් එපිදරව් කරනුයැ-

ශ්රී වික්රම රාජසිංහ හිටපු රජ්ජුරුවන්ඩ ආවාහ විවාහයෙන් නොහොත් පෙළපතින් එක්සේමබ එක්කො අවසෙස ප්රකාර නෑකම් ඇති නොහොත් වංචක වූ ප්රයෝගයෙන් නෑකම් ඇත කියන සැම පුරුෂයින්ම සිංහල රටේ ආඥාවට සතුරු වූ බව මෙයින් එළිදරව් කරන්ඩ යෙදුනා පමණක් නොව කොයි කාරණාවක් පිණිසවත් ඉන්ග්රිසි ගොවැර්නමේන්තුවේ බලෙ ඇති ඔප්පුවක් නැතිව රටට ඇතුල්වෙන්ඩ බැරිය. එසේ ඇතුල්වෙන්ඩ යෙදුනෙ වී නම් යුද්ධ වේලාවල් වලදී පවතින නඩ් මාර්ගයේ අච්චුවලට යටත වෙන්ඩ ඕනෑය. එසෙහෙයින් නඩු මාර්ගය මේ පිණිස බියෝග කරන්ඩත් යෙදුනාය. දැනට මෙම රටින් බැහැර කරන්ඩ යෙදුනා සෑම දෙමළ පුරුෂයෝඉහළ කී ප්රකාරවසරයක් නැතිව එහි දෙවනු නොයන ලෙස වරක් කී අච්චු කරන කොට ගෙන තහනම් කරන්ඩ යෙදෙනුයැ.

යුතු ප්රකාර ඉන්ග්රිසි ගොවැර්නමේන්තුවේ බලයක් පිට පත් කරණ අදිකාරන්වරුන්ඩද දිසාපතිවරුන්ඩද මොහොට්ටාල්ලාටද කොරල්ලාටද විදානවර සහ අනිකුත් සෑම රදලවරුන්ඩ සහ සුළු මුලාදෑනින්ඩද ඔවුනොවුන්ගේ දේපලවලටද වෙනත් ඔවුනොවුන්ගේ තානාන්ත්රවල නියමවල්ද යුතුකම්ද බලෙද නානාප්රකාර වැසියන්ද ඔවුනොවුන්ගේ දේපළවලටද වෙනත් ඔවුනොවුන්ගේ යුතුකම් වලට සහ නිදහස් කම්වලටද ඔවුනොවුන් අතරේ නොකඩ පවතිනා පුරාණ සිරිත් චාලිත් නඩු ප්රකාර ආරක්ෂා ඇතිව සිංහලෙ රටවල ආණ්ඩුව ඉන්ග්රිසි රාජ්යයෙ මහ රාජෝත්තමයන් වරන්සේට යටත් වෙන්ඩ යෙදුනා සහ එහි ආඥාව ලංකාවට පැමිණි ගොවැර්නදෝරු නොහොත් ලොයිතන්ග් ගොවැර්නදෝරු උතුමානන් වහන්සේලා විසින් උන්නාන්සේල වෙනුවෙන් පවත්වෙනනා වූ ඒජැන්ට් සහ මුලාදෑනි විසින්ද පවත්වන්ඩ යෙදෙනවා ඇතැ.

මෙකී රටවල්වල මුලාදෑනීන් සහ වැසියන් විසිනුත් අදහන්නා වූ බුද්ධ ශාසනයද දේවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතුද සංඝයාද විහාරස්ථනයද දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑයැ.

ගාත්රා සන්ධි ස්ථාන අවයවයන් කැපීමෙන් කරන නානාප්රකාර වූ ශරීර වද වේදනා නැති කරන්ඩ සහ තහනම් කරන්ඩත් යෙදුනාය.

මරණ අච්චු නියෝගයක් ඉෂ්ට කෙරීම කාරනාවේ වග රට මැද සිටින්නා වූ ආණ්ඩුවෙන් තැබී හිටින ඒජැන්ට් යන නම් ඇති නිලමක්කාර තැන නොහොත් නිලමක්කාරයින් විසින් ඔප්පුකර ඉන්ග්රිසි වූ ගොවැනදෝරු එක්කො ලොයිතන්ත් ගොවැනදෝරු උතුමානන් වහන්සේ කෙනෙකුගෙන් බලෙලත් ඔප්පුවක් පිට මිස වෙන හැටියකින් බැරිය. මෙසේ බරපතල කාරණා ඒජැන්ට් වර අභිමුඛයේදී විබාග කරන්ඩ ඕනෑය.

මෙකී දේට යටත්ව සිංහලෙ රටවලවල වැසියන්ගේ සිවිල් නම් ගම් බිම් දේපළ නය ගැන කියනා නඩුද ක්රීමිනෙල් නම් මිනීමැරීම් සොරකම් ආදී නඩුද යන මේ නඩු පනත් සහ රටේ ආණ්ඩුවද නියමව තිඛෙන ක්රමවලට සහ බැවහාරව තිඛෙන ප්රකාර බලෙලත් රදළවරු විසින් පවත්වන්ඩ ඕනෑය. එහෙත් සෑම කාරණා වලදී වෙන් වසයෙන් සහ විසාල වසයෙන්ද සිද්ධවෙන අනදර වලට පිහිට වීමටද යුතු? වෙනස් කෙරීමටද මැදහත් වෙන්ඩ ඕනෑ සන්ධි වලදී නියත වූ යුතුකමට යටත්ව තිඛෙන්ඩ ඕනෑය.

සිංහල වැසියො නොවන මෙරටවල්වල හිටින නොහොත් මෙහි එන්ඩ යෙදෙන සිවිල මිලිසියෙ සෑම අයගෙම සිවිල සහ ක්රමිනෙල නඩු ඇසීම ඇන්ගලන්තෙ මහ රාජෝත්තමයාණන් වහන්සෙගෙ ආඥාවේත් වෙනසක් වෙනතුරු මෙසේ පවත්වන්ඩ යෙදෙය. ඒ කෙසේද යත් හේවා පන්නක්කාරයින්නෙ ක්රමයට යටත් වූ හේවා පන්නක්කාර මුලාදෑනි සහ හේවාපන්නක්කාරයොද හේවා හමුදාව කැටුව එනවුන්ද ඇර අනිකුත් සෑම දෙනාම මිනීමැරුම් කාරණාවල් ඇර වෙන සෑම කාරණාවලදීම ඉන්ග්රිසි ගොවැර්නමේන්තුවේ ඒජන්ට් යන නිලමක්කාර යින්ගේ නඩුවට යටත්ය. එහෙත් මිනීමැරුම් කාරනාවකදී ගරුතර ගොවැර්නදෝරු උතුමාණන් වහන්සේ විසින් කලින් කලට නියම කරණ කමතෙරුවරු විසින් විභාගකරන්ඩ යෙදෙනවා ඇත. එසේ වී නමුත් සෑම වෙලෙහිම ඉන්ග්රිසි දේසක්කාරයින් විසින් අන් දේසවලදී කරන්ඩ යෙදෙන වැරදි විභාගයට නියම වී පවතින මහත් බ්රිතාන් අයිර්ලන්ත් යන එකඟවූ රාජ්යයෙ නඩු මාර්ගයෙන් විනිස්චය කල හැකිවූ ඉන්ග්රිසි දෙසක්කාරයෙක් මිනී මැරීමේ නඩුවකදී විත්තිකාරයෙක්ව සිටියේවී නම් එකඟ වූ මෙම රාජ්යයෙඒ නඩු මාර්ගයෙන් විනා සිංහලෙ කරන්ඩ යෙදුනාය කියන මිනී මැරීමේ නඩුවකදී ඉන්ග්රිසි දෙසක්කාරයෙක් වෙන ප්රකාරයකින් විනිස්ජය කරන්ඩ යෙදෙන්නෙ නැත. දෙවනුත් හේවා පනක්කාර ක්රමයට යටත්වූ හේවා පනක්කාර මුලදෑනි සහ හෙවා පනක්කාරයොද හෙවා හමුදාව කැටුව යන්නවුන්ද වුන් විත්තිකාරයින්ව සිටි සෑම සිවිල ක්රිමිනෙල් නඩුවලදීම යුද්ධයෙ නඩු මාර්ගයට සහ චාලිත්රයෙ ප්රකාරයටද යටත්ව හිටින්ඩ ඕනෑය. එහෙත් මෙම වගන්තියෙ බලෙ කරන කොට ගෙන විබිග වෙන මේ නමවෙනි වගන්තියට වැදගත් සිවිල් කාරණා සහ මිලීසියෙ කාරනාද යන සෑම කාරණා වලදීත් නඩු අහීමට වැදගත් සෑම ලිවුන් බැලීමටද මේ වගන්තියෙ කාරණා සම්පූර්ණ වශයෙන්සිද්ධවීම පිනිස ඕනෑ වෙනවෙනත් කාරනා පඟාරතු කරතබන්ඩද ගරුතර ගොවැර්නදෝරු උතුමානන් වහන්සේට බලෙ තිඛෙනවාය.

හෙවා හමුදාව එන ගමනෙදි ස්වල්ප කාලයකට ප්රසිද්ධ කලාවූ යම් දැන්වීම් පත්රයක අනාඥාවල කරනකොට ගෙන ඉහළ වගන්තිවල කාරණා වැලකෙන්ඩ යෙදෙන්නේ නැතිවත් ඇර ඉහළ වගන්තිවලට එකඟ නොවන මේ සෑම අනාඥාවල් මෙයින් අවලඟු කරන්ඩ යෙදුනායැ-

සිංහලේ රටවල්වල රාජනියමවල්ද, ආදායමද, මහ රාජොත්තමයානන් වහන්සෙගෙ වැඩට සහ මේ රටේ ආඥාව වර්ධන වීමටද යුතු වූ සිරිත් ප්රකාර ඉන්ග්රිසි ගොවැර්නමේනතුව වෙනුවෙන් තැඛෙන ඒජැන්ට් යන නිලමක්කාර තැනගේ යටතේ එක්කාසු කරන්ඩ යෙදෙනවා ඇත.

මේ රටවල්වල වෙලහෙලඳාම් වර්ධනය වෙන පිනිස මෙහි උපදින දෙවෙලඳාම් පිනිස ගෙනයාම් පාසු වෙන හැටියටද මුදල් රෙදි ළුනු නොහොත් සිංහලෙ වැසියො වැඩි කැමති ඇති වෙන බඩු පිනිස ගෙන ඒම පාසු කරන ලෙසද එතකලට පන්ගාර්තුවක් කර මහරාජොත්තමයානන් වහන්සෙගෙ වෙනුවට රාජ් වර්ධන කරණ කුමාරයින් විසින් පඟාර්තුව ඒත්තු ගන්නා ලෙස ගරුතර ගොවැර්න දොරු උතුමාණන් වහන්සේ විසින් ඉල්ලා අරින්ඩත් යෙදෙනවා ඇත. _

දෙවියන් වහන්සේ විසිං රජ්ජුරුවන් වහන්සෙ ආරක්ෂා කෙරෙත්වා.

 අත්සන් කලේ

රොබටිබ්රවුන්රිග්                                                                    ඇහැලේපොළ
පළමුවැනි අධිකාරම් සහ සත්කොරළේ දිසාව                        මොල්ලිගොඩ
දෙවැනිඅදිකාරම්සහසබරගමුවේදිසාව                                   පිළිමතලාවේ
හතරකොරළේදිසාව                                                              පිළිමතලාවේ
ඌවේදිසාව                                                                           මොනරවිල
මාතලේදිසාව
තුන්කෝරළේදිසාව
වලපනේදිසාව
වෙල්ලස්සේසහබිම්තැන්නේදිසාව
තමන්කඩදිසාව
නුවරකලාවියේදිසාව

ඊලග කොටසට
Free HTML Blog 4u