Sunday, January 6, 2013

රට ජාතිය පාවල දුන්න අයට අන්තට්ටුවක්


රට, දැය, සමය පාවා දුන් අයටයි මේ තෑග්ග ... ... ...

වසර දහස් ගණනක් පැරණි ඉතිහාසය ගොඩ නැගුනේ රෝස මල් යහන් මතින් නොවේ. අතීත මුතුන් මිත්තෝ ලේ කදුලු වගුරවමින් මේ රට දැය සමය රැකගත්හ. සිය දිවි පුදමින් මේ රට, දැය, සමය, ආරක්ෂා කලේ ඔවුන්ගේ පුද්ගලික අවශ්යතාවන්ට නොවේ. සිය අනාගත වර්ගයා වෙනුවෙනි. ඔවුහු සිය සතුට, සැනසීම, අනාගත සිය වර්ගයා වෙනුවෙන් කැප කලහ. සිය අඹු දරැවන් කඩු කිණිසි වලිනි කැපී වෙන් වෙද්දී උතුමෝ නෙතින් කදුලු නොහැලුවේ සිය දිවි නොදෙවෙනි කොට රැකි රට, දැය, සමය වෙනුවෙනි.
එහෙත් උතුමන්ගේ මුණුබුරෝ, මිනිබිරියෝ, උත්තසයන්ගේ හතුරන් වටා අද එක්රොක් වී ඇත. සත්යය අමතක කර දමා උන්මත්තකයන් බවට පත්වී හමාරය. ලේ කදුලු වගුරා රැකගත් ආගම වැසිකිලි පෝච්චියට පාවා දෙති, දිවි පුදා රැකගත් ආගම ටකරන් තහඩුවට පාවා දෙති. සිය දරු පවුල් විනාශ වෙනු දැක දැක රැකගත් ආගම සබන් කෑල්ලට, දත් බුරුසුවට පාවා දෙති. ඒ ආගම බුදු දහමට වඩා සත්යවන්තනම් පාවා දීම ගැටලුවක් නොවේ. එහෙත් ඇස් පනා පිට අසත් ඔප්පුවෙත්දිති මේ අදබාලයෝ ලාභය තකා සම්බුදු දහම පාවාදී අපාගත වෙති.
අද විද්යාව පරිණාම වාදයත් ප්රතික්ෂේප කරමින් ජීව විද්යාත්මක පරිණාම වාදය හඹා යති. එයින් කියැවෙන්නේ වෙනත් ලොවකින් පැමිණි ජීවීන් පිරිසක් මෙහි මනුෂ් වාසස්ථාන ඇති කල බවයි. මක් නිසාද කලින් සිතූ අයුරින් පුංචි ක්ෂුද් ජීවියෙකු මිනිසෙකු බවට පත්වීමට යන තරම් කාලය පෘථීවියටවත් වයස නැති බව අද අවබෝධ වී ඇත. තව අයරකින් කීවොත් ඇමීබාවෙක් මිනිසෙකු බවට පත්වීමට පෘථිවියේ වයස මෙන් කිහිප ගුණයක් ගතවන පවයි. මේ බව බුදු හිමියන් අග්ගඥ්ඥ සූත්රයෙන් ඉතාම නිවැරදිව පැහැදිලි කොට ඇත.
පෘථිවිය වටා සූර්යයා ගමන් කරන බව බයිබලය පමණක් නොව කුරාණයද පැහැදිලි කරයි. විශ්වය නිර්මාණය කලේ දෙවියන් නම් දෙවියන් පැමිණියේ කොහින්දැයි ගැටලු සහගතය, සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තටනම් ස්ත්රී දූෂණ, මංකොල්ල කෑම්, කාම අපචාර සියල්ලටම දෙවියන් අත්අඩංගුවට ගත යුතුය, ඒවා සිදුවන්නේ යක්ෂයාගේ කැමැත්තටනම් දෙවියන්ට වඩා යක්ෂයා බලවත් විය යුතුය. තමන් නිර්මාණය කල මිනිසා මෙසේ අපරාධ සිදුකරන බව දෙවියන් දුක්වන බව බයිබලය කියයි. ජේසුස් වහන්සේ මරණයේදී අධික දුක් වින්දේය. ඒසේනම් ඔවුන් දුක අවසන් කොට නැත
බුදු දහම යනු දුක අවසන් කිරීම උගන්වන ආගමයි. ඒ නැවත උත්පත්තියක් නැති නිසාය. නැවත උපතක් නොමැතිනම් දුකක්ද නැත. අන් කිසිදු ආගමක දුක නැති කිරීමක් දක්නට නැත. එසේනම් සියලු ආගම් කෙසේ උවත් බුදු දහම නම් අනි කිසිදු ආගමකට සම කල හැක්කක් නොවේ. සොබා දහම පවා බුදු දහමට කෙතරම් ගරු කරනවාද කියන කාරනය සුනාමි අවස්ථාවේ අපට දැක ගත හැකි විය. අති විශාලසිමෙන්ති මාළිගා සුනාමි ජලයෙන් බැටකද්දී පුංචි බුදු පිළිම වහන්සේට හානියක් නොකිරීම කෙතරම් අසිරිමත්ද ?
ඉතින් මෙවන් උතුම් මිණිකැට හැරදමා බොරලු අහුලන ඇත්තන්ට අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ලබාදුන් ඉතා වටිනා පිළිතුරකි මේ. මෙය කිසිවෙකුට අපහාසයක් හෝ හිත් රිදවීමේ අරමුණින් පළකරන්නක් නොව සකල ලෝ සත්වයා වෙත අපමණ මෙත් සිතින් ඉදිරිපත් කරන්නකි. සත් අවබෝධ කර නොගෙන හෝ අවබෝධ උවද පිළිගැනීමට නොහැකි ඇත්තන් කොපයට පත් උවහොත් එය ඇත්තන්ට බාරයි

මම සියලු සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා.

No comments:

Post a Comment

Free HTML Blog 4u