Saturday, January 19, 2013

අපේ වාරිපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ... . (තුන්වන කොටස)


මෙම උඩරට ගිවිසුමට ඇහැලේපොළ මහ අදිකාරම්තුමා ඇතුළු අදිකාරම්වර එකොළොස් දෙනෙක් අත්සන් තැබූහ. එංගලන්තයේ මහ රජතුමාගේ නියෝජිතයා වශයෙන් අත්සන් කරනලද්දේ සේනාධිපති රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාය. මෙම උඩරට ගිවිසුමේ පිටපත් තුනක් ඇතිබවට ප්‍රකටය. ඒවායින් එවකට සිටි අග්‍රාණ්ඩුකාර සේනාධිපති බ්‍රවුන්රිග්ට දුන් පිටපත අදත් ජාතික ලේඛනාගාර දෙපාර්තමේනතුවෙහි සුරැකිව තබා ඇත.උඩරට ගිවිසුම කියවා බැලු සේනාධිපති බ්‍රවුන්රිග් ට හැම සිංහලයෙකුම රැවටීම එතරම් ලෙහෙසිපහසු නොවන බව වැටහී ගියේය. එහෙයින් පෙනී යන්නේ උඩරට ගිවිසුම සකස්කිරීමේදී සිංහලයට ලැදියකු ඊට සම්බන්ධ වී අති බවකි. ඒ වාරියපොළ හිමියන්ම මිස අන් අයකු නොවිය හැකිය. හිරු නොබසින අධිරාජ්‍යයෙන් පැමිණි ක්‍රෑර පාලකයන් ශ්‍රී වික්‍රම රාජසිංහයන් පණවා තිබූ අමානුෂික වධ බන්ධන ඉවත් කරන්ටත් බෞද්ධයාට හා බෞද්ධ සිද්ධස්ථාන වලට ගරු කරන්නටත් නොකැමති වූහ. ඔවුන්ගේ හඩිදැඩි ක්‍රියාවලට තදින්ම එරෙහිව නැගී සිටි අස්ලිරි හා මල්වතු පාර්ශව හිමිවරුන් අතර වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක හිමියන්ට ලැඛෙන්නේ අද්විතීය තැනකි. උඩරට ගිවිසුමෙහි අඩංගු වගන්තිය ඇතුළු සියළුම වගන්ති ඉංග්‍රිසීන්ට පිළිගන්නට සිදුවූයේ උන්වහන්සේ ඔවුන්ට එරෙහිව ගෙනගිය සටනෙහි ප්‍රතිඵල වශයෙනි.
1815 මාර්තු 02
1815 මාර්තු 02 දින සෙංකඩගලපුර දළදා මැඳුර ඉදිරිපිට රැස්ව සිටි ප්‍රභූන් ඉදිරියේ ඉංග්‍රීසීන් හා සිංහලෙන් උඩරට ගිවිසුම කියවා ගිවිස්වා ගන්නා ලද නමුත් ඊට අත්සන් තබා ඇත්තේ 1815 මාර්තු 10 දාය. උඩරට ගිවිසුමේ යම් යම් කොන්දේසි පිලිබඳව ඇතැම් අය තුල පැන නැගී තිබුණු මතභේද නිරාකරණය කර ගැනීමට එම කාලය ඛෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඒ ගිවිසුමට අත්සන් තබා අවසන් වනතුරු ඉංග්‍රීසි කොඩිය එසවීම නීත්‍යානුකූල නොවන බව කාගේත් මතය විය. එහෙත් 1815 මාර්තු 02 වනදා උඩරට ගිවිසුම කියවන අවස්ථාවේදී ( ගිවිසුමට අත්සන් තබන්නට කලින්) ඉංග්‍රීසි ආධිපත්‍යට ලංකාව අත්කැර ගැනීමේ ඉමහත් ආශාවෙන මඬ්නා ලදුව උමතු වූවකු සේ ක්‍රියාකල එක් ඉංග්‍රීසි හේවායෙක් වහා පැන ඉංග්‍රීසි කොඩිය එසැවීය.සම්බුද්ධ ශාසනයටත් සිංහල රටටත් සිංහල ජාතියටත් එරෙහිව යමෙක් කටයුතු කරන්නේ නම් ඔහු කවරෙකු උවත් ඔහුට විරුද්ධව නොබා නොපැකිල පෙරට ගිය වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ නියම සිංහල ලේ මෙම දර්ශනය දැකීමෙන් කකියන්නට විය. සිය පාරිශුද්ධ චීවරය ටිකක් කැටිකරගත් උන්වහන්සේ වහා ඉදිරියට දිවැවිත් ඔසවා තිබු ඉංග්‍රීසි කෙඩිය බිම හෙලා සිංහල කොවිය ඔසවා "තවම ගිවිසුමට අත්සන් තබා නැහැ. ඊට අත්සන් තබන තුරු නුඔලාට මේ රටේ බලය අත්කරගන්නට ලැඛෙන්නේ නැහැ"යනුවෙන් සිංහ නාද කලහ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ බලපුළුවන් කාරකම් බලවත්ව තිබූ යුගයක මේ රටේ එවැනි ක්‍රියාවක් කරනු තබා එවැන්නක් ගැන සිතන්නටවත් ඉඩක් නොලැබිණි. යමෙක් එවැන්නක් සිතූ බවවත් ඉංග්‍රීසීන්ට වැටහී ගියේනම් ඔහුට තෑගි වශයෙන් ලැබුණේ වෙඩි උණ්ඩය ය. අප වීරයාණන් වහන්සේ, ඉංග්‍රීසි බලවතුන් ඉදිරියේ සෙබලකු විසින්ම ඔසවන ලද ඉංග්‍රීසි කොඩිය එසේ ගලවා බිම හෙලීමෙන් හා සිංහල කොඩිය එසවීමෙන් කල වීර ක්‍රියාව සිංහල ජනතාවගේ හදවත් තුල සදා නොමියෙන ලෙස සටහන්ව ඇත. 
වීර ක්‍රියා හෙලිදරව් නොකිරීම 
ඉංග්‍රීසීන්ගේ බලය වඩ වඩාත් තහවුරු වී තිබුණු එම යුගයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් වැනි සිංහල වීරවරයනගේ ජීවිතවල කැපී පෙනෙන බොහෝ තැන් (වීර ක්‍රීයා) ප්‍රසිද්ධියට පත් වීම වැලැක්වීම සඳහා ඔවුහු නානාවිධ උපක්‍රම යෙදූහ. ඉතිහාසගත ලේඛණවල පවා ඇතැම් සිද්ධි ඇතුලත් නොවන්නට ඇත්තේ එහෙයිනි.

දළදාහිමි සිංහල ජනතාව සතුකිරීමට ගත් වෑයම...
1814-15 කාලයේ කන්ද උඩරට පැවති කලබලකාරී තත්වය මත ශ්‍රී දළදාවහන්සේ මහනුවර තබාගැනීම අයෝග්‍ය බව වාරියපොළ හිමියන් නිතර පවසන්නට වූ හෙයින් අස්ගිරි මල්වතු මහ නාහිමිවරු දළදා වහන්සේ රහසේම පුමල්පිටිය විහාරයට ගෙනගොස් තැන්පත් කළ බව සඳහන් වේ.පසුව බඹරගලටද තලගුනේ විහාරයටද මැදිවක විහාරයටදගම්පහ සහ ගම් දෙක යන ස්ථානවලටද ගෙනගිය දළදා වහන්සේ ආරක්ෂාව සඳහා අවසානයේදී සඟවා තබන ලද්දේ බින්තැන්නේ මහ වනයේය. රටේ තත්වය සන්සුන් වීමෙන් පසු දළදා වහන්සේ කන්ද උඩරටට ආසන්න අටබාගේට වැඩම කරවන ලදි. 
ඩොයිලිගේ බලවත් පරිශ්‍රමය නිසා 1815 අප්‍රේල් 24 වනදා ශ්‍රී දළදාවහන්සේ නැවතත් කන්ද උඩරටට වැඩමකරවන ලද්දේ ඉමහත් ගරුසරු මැද්දේය. මෙම අවස්ථාවේදී රොබට් බ්‍රවුන්රිග් ත්‍යාගයක් වු සංගීතය විහිදෙන ඔරලෝසුවක්ද දළදා රදුරට පූජාකරනලද බව ඩොයිලිගේ දිනපොතේ සඳහන්වේ.රාජ්‍යයෙහි ආරක්ෂාව සඳහා දළදා වහන්සේගෙන් ලැඛෙන රැකවරණය ගැනද ඉංග්‍රීසීන් විශ්වාස කළ බව මෙයින් මනාව ඔප්පුවේ. 

එහෙත් ඉංග්‍රීසීන්ට දළදාවහන්සේ වැඩිකළක් රැැකගැනීමට නොහැකිවිය. 1818දී නැවතත් දළදා වහන්සේ සිංහලයන් විසින් රැගෙනයනු ලැබීය. මෙම රැගෙනයාම පිළිබඳව විවිධ කථා ප්‍රචලිතව ඇත.කෙසේවෙතත් එම අවස්ථාවේදී හ්‍රී දළදා වහන්සේ රැලෙන යන ලද්දේ, 1817-18 දී පැවති ඌවේ මහ කැරැල්ල සාර්ථක කරගැනීමට නම් ශ්‍රී දළදා වහන්සේ තමන් සතු තිබිය යුතුය යන මතය කැප්පෙටිපොළ අදිකාරම් තුමා ඇතුළුඑම කැරැල්ලේ නායකයන් විශ්වාස කළ නිසා එම පරමාර්ථය ඉටුකරගැනීම සඳහා බව පැහැදිලිය. කැප්පෙටිපෝල අදිකාරම්තුමා ඇතුළු පිරිස වාරියපොළ ශ්‍රි සුමංගල හිමියන් මාර්ගයෙන් ශ්‍රි දළදා වහන්සේ රැගෙන ගියහ. මෙය ශ්‍රී දළදාවහන්සේ විසින් සිංහල ජනතාව අතට පත්කිරීම සඳහා වාරියපොළ හිමියන් ගත් වෑයමක් ලෙස හැඳින්විය හැකිය.

මෙම රැගෙනයාම පිළිබඳව ප්‍රචලිතව ඇති විවිධ කථාවලින් එකක් පමණක් මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමු. ශ්‍රී දළදා වහන්සේට තේවාවතබන අවස්ථාවෙක මෙම ගෙන යාමට සම්බන්ධ කළුගමුවේ කාරිය කරවන රාළ ඇතුළු පිරිස දළදා මැඳුරට පැමිණියේ උභය විහාරවාසී මහනායක හිමිවරුන්ගේ සහ වාරියපොළ හිමියන්ගේ ද අනුදැනුම ඇතිවය. දළදා මැඳුරේ දොරගුළු ලන්නට ඔන්න මෙන්න කියා තිඛෙන අවස්ථාවේ ඔවුන් පැමිණි හෙයින් දළදා පුද පිණිස මල් ගෙන එන්නටය කියා තේවාකරු පිටත්කැර යවා ඔහු මල්ගෙන ආපසු එන්නට ප්‍රථම දළදා හිමි වැඩ සිටින කුටිය තුළ යටකී පිරිස රඳවා තබා වාරියපොළ හිමියෝ පිටත වැඩම කලහ.තේවාකරු මල් රැගෙන එනවිට එම කුටියෙහි දොරගුළු ලා තිබුනු නමුත් වේලාව ඉක්මගොස් ඇති හෙයින් ඔහුද ඒගැන සැක සිතුවේ නැත.පසුදා පහන් වනතුරු එම කුටිය තුල සිටි ඔවුහු තමන් පැමිණි කටයුත්ත රිසි පරිදි ඉටුකරගෙන පසු දා තේවාව පිණිස දොරගුළු විවර කරන මොහොතේ ශ්‍රී දළදා වහන්සේත් රැගෙන පළා ගියහ. මෙසේ රැගෙන යන අවස්ථාවේ ඇතිවෙන සැකයට තුඩුදෙන අමතර ශබ්ද වසන් කිරීම පිණිස දවුල් ආදිය වැඩි වේලාවක් වැඩි නාදයෙන් හැඩවූ බව සඳහන්ය.

වාරියපොළ හිමියන් ඇල්ලීමට නියෝග...
කෙසේ වෙතත් මෙම සිද්ධියට වාරියපොළ ශ්‍රි සුමංගල හිමියන්ද හවුල් බව දැනගත් ඉංග්‍රීසීහු උන්වහන්සේ සිරභාරයටගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවේ උන්වහන්සේ දඹුලූ වනය බලා පලා ගියහ. උන්වහන්සේ කැපපෙටිපොළ අදිකාරම්තුමා ඇතුළු ඌවේ මහ කැරැල්ලේ නායකයන්ගෙන් ශ්‍රී දළදා වහන්සේද ලබාගෙන දඹුලූ වනයට පලා යන්ට ඇතැයි සිතිය හැකිය.
උන්වහන්සේ සිය වම් උරහිස ස්පර්ශය වන සිරුරේ වාටිය තුල ශ්‍රී දළදා වහන්සේ සඟවාගෙන ඉතා ප්‍රවේශමෙන් දඹුළු වබයේ වැඩවිසූ බවත් එම කාලසීමාව තුල හැම විටම උන්වහන්සේ (දළදා හිමියන්ට ගෞරවය සඳහා )සිය වම් උරහිස දෙසට මුහුණ හරවීමෙන් වැලකී සිටි බවත් ඒ හේතුව නිසා උන්වහන්සේගේ ඛෙල්ලවම්පසට හරවන්නට කොහෙත්ම නුපුළුන් වූ බවත් සඳහන්ය. උන් වහන්සේ අපවත් වනවිට පවා ඛෙල්ලේ මෙම දෝෂය තිබුනුබව කියති.


No comments:

Post a Comment

Free HTML Blog 4u